Tuesday, August 19, 2014

ක්‍රියා පද - Verbs


සතුන් ජීවත් වන සැටි -ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්


         ලෝකයේ ජීව වස්තු එනම් පණ ඇති වස්තු දෙවර්ගයක් තිබේ. මිනිසා ඇතුළු සත්ත්වයෝ එයින් එක වර්ගයකට අයත් වෙති. පැළෑටි අනික් වර්ගය වේ. මෙම දෙවර්ගයේ ඇති මූලික වෙනස කුමක්ද?
         සාමාන්‍ය පොදු ජනයා සිතාගෙන සිටින්නේ තැනින් තැනට යාමට පුළුවන්කම සහ වේදනාව සතුන්ට ඇති අතර ගස්කොළන් වලට එවැනි පුළුවන්කමක් නැති වීම එම වෙනස ය කියාය. එහෙත් මුතු බෙල්ලා වැනි ඇතැම් සතුන්ට ගමන් කිරීමට නුපුලුවන. ගමන් කරත හැකි ක්ෂුද්‍ර පැළෑටිද තිබේ. සතුන්ට වේදනාව දැනෙන අතර ගස් කොලන් වලට එවැනි දැනීමක් නැත යනු තවත් පොදු විශ්වාසයකි. එහෙත් මෙය නිශ්චය වශයෙන් තීරණය කිරීමට පුළුවන් කමක් නැත. මූලික වෙනස ඇත්තේ මේ එකක වත් නොව ආහාර සාදා ගැනීමෙහිය.
                සියළුම ජීව වස්තුවලට ආහාරය අවශ්‍යය. ආහාරය නැතිව කිසිම සතෙකුට වත් කිසිම පැළෑටියකට වත් ජීවත් විය නොහැකියි. එහෙත් ආහාර සාදා ගැනීමට පුළුවන් කම තිබෙන්නේ පැළෑටි වලට පමණය. සතුන්ට උවමනා ආහාර  පැළෑටිවලින් ලබා ගත යුතුයි. පැළෑටි පමණක් බුදින එළුවා හරකා ආදී සතුන් තමාට වුවමනා ආහාර එක එල්ලේම  පැළෑටි වලින් ලබා ගනිති. වෘකයා කොටියා වැනි මස් පමණක් කන සතුන් කරන්නේ පැළෑටි කන මුවා වැනි සතුන්ගේ මාර්ගයෙන් එම ආහාරය ලබා ගැනීමය.
                 පැළෑටි ස්වකීය ආහාරය සාදා ගන්නේ මුල්වල මාර්ගයෙන් පොළොවේ සිට ලබා ගන්නා ජලයෙන්ද වායුගෝළයෙන් ලබා ගන්න කාබන්ඩයොක්සයඩ් නම් වායුවෙන් ද වේ. මේ දෙක සම්බන්ධ කරමින් ආහාරය සෑදීමට වුවමනා ශක්තිය පැළැටිවලට ලැබෙන්නේ ඉර එළියෙන්ය. තවද වායුගෝළයට කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මනුෂ්‍යා අතුළු සියලුම සත්ත්වයින් ප්‍රශ්වාස කිරීමේ දී ය.   මනුෂ්‍යයා ද අනික් සත්ත්වයින් ද ආශ්වාස කරන ඔක්සිජන් වායුව වායුගෝලයට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ගස්කොළන් වලින්ය. මිනිසා සහ වෙනත් සත්තු ඔක්සිජන් වායුව ඇතුල් කරගෙන කාබන්ඩයොක්සයිඩ් වායුව පිට කරති. මෙසේ බලන විට සතුන්ගේ ජීවිතයත් ගස්කොළන්වල ජීවිතයත් පවතින්නේ ඉතාම කිට්ටු, ඉතා ම අවශ්‍ය, අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් ය.
                 මෙය මගේ වත් වෙන කෙනෙකුගේ වත් මතයක් නොව ඉතාම පැහැදිලි විද්‍යාත්මක සත්‍යයකි. අභාග්‍යකට මෙන් මෙම සත්‍යය අප විසින් බොහෝ විට නොසලකා හරිනු ලැබෙයි.
                   මෙම සත්‍ය, එනම් ලෝකයේ සිටින සියළුම සත්ත්වයින්ගේ ශරීරත් සියළුම පැළෑටිත් නොකැඩෙන එකම සම්බන්ධත්වයෙකින් වෙළී පවත්නා බව මොහොතකට හෝ පැහැදිලිව අපට පෙනී ගිය හොත් ඒ හේතුවෙන් ඉතා ම ලොකු වෙනසක් අපේ ජීවියෙහි සිදුවෙනවා ඇත. එවිට අද පවතිනවාට වඩා අනුකම්පා සහගත ඇසකින් සතුන් දෙසත්, ගස් කොළන් දෙසත් අප බලනවා ඇත.

         ---- ළමා සිතිවිලි සමාජයේ මෙහෙයවීමෙන් වර්ෂ 1976 අප්‍රේල් 18 ඉරිදා අනුලා ළදරැ පාසලේ දී ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් පවත්වන ලද කථාවක සාරාංශයයි. (-සිතුවිලි කාණ්ඩ -5)
---ප.ලි---
            මෙය ළදරු පාසලක දරුවන් වෙනුවෙන් කරන ලද කථාවක් බව කරුණාවෙන් සලකන්න.

Tuesday, August 12, 2014

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

W3Lanka අඩවියෙන් උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්න
http://www.w3lanka.com/2014/06/blog-post_9255.html

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ.

මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා.

ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබඳ සාමාන්‍ය තත්වය දුර්වල මට්ටමක තිබෙන්නේ. වාර්ගික ගැටුම් මැද, ජාතිවාදී ව, තමන්ගේ ජාතිය පමණක් අති උත්තම ය කියා ජාතික ස්වෝත්තමවාදයෙන් අන්ධ වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය විදෙස් භාෂාවන්ට විවෘත වන්නේ සීමිතවයි. මෙහි හොඳ පැත්තකුත් නැති ය කියන්න බැහැ. එක පැත්තකින් අපේ භාෂාව මෙහෙම හරි ආරක්ෂා වෙලා තිබෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. හැබැයි, දැන් දැන් අ‍පේ නාගරික ප්‍රජාව කතා කරන්නේ සිංහලටත්, ඉංග්‍රීසියටත් දෙකටම අයත් නො වන සිංග්ලිෂ් භාෂාවක්. රේඩියෝ නාලිකාත් මේ සංකර භාෂාව ප්‍රවර්ධනය කරන්න සෑහෙන දායකත්වයක් සපයනවා.

"ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරන්න," යි කියන නිවේදක නංගිලා, අයියලා රේඩියෝ නාලිකාවල ඉන්නවා. (රේඩියෝ කියන සිංහල තත්සම වචනය ගුවන්විදුලිය කියන වදනට වඩා හොඳ ය කියා මම හිතනවා.)

පසුගිය දිනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අපේ පාඨකයකු වන ෆවාස් අපට එක් විහිළු කතාවක් කිව්වා. පසුගිය දිනවල ලංකාවේ තිබුණානේ චොගම්. ඒ කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව. එයට සහභාගි වන්නට ආ අයට කටුනායක ගුවන් තොටුපළේ මෙවැනි උපදෙසක් දුන්නා ය කියා මේ විහිළු කතාවේ කියවෙනවා. "මෙහේ භාෂාව හරි ලේසියි. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම නාමපදයක අගට 'එක' කියාත්, ඕනෑම ක්‍රියාපදයක අගට 'කරනවා' කියාත් යෙදුවාම ඔබට සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්."

කතාව ඇත්ත. අර නිවේදිකාව කතා කරන්නේත් එහෙම නේ.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මෙහෙම වෙලා තිබෙන්නේ පාසල් විෂය මාලාවන්ගේ ගැටලු නිසා. එක එක පිටරටවල ශිෂ්‍යත්ව ලැබ කරක් ගසා පැමිණි හිස් විශාරදයෝ කලින් කලට ලංකාවට විවිධ ඉංග්‍රීසි ඉගැන්වීමේ ප්‍රවේශයන් හඳුන්වා දුන්නා. ඒවා ගැන විස්තර කිරීම තේරුමක් නැහැ. මොකද, එ්වා සාර්ථක වෙලා නැති බව ඔප්පු වෙලා ඉවරයි නේ. ඇයි අපට බැරි අපේ සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්නා ගමන්, සිංහලත්, ඉංග්‍රීසිත් අතර සමානතා හා අසමානතා අධ්‍යයනය කරමින් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ක්‍රමවේදයක් හදන්න.

අනෙක් කාරණය තමයි, ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ ව්‍යාකරණ අධ්‍යාපනයක් නැහැ. මේ ‍විෂය නිර්දේශවල හා පෙළපොත්වල පුවේශය වන්නේ ඉංග්‍රීසි භාවිතා කරන ගමන් ව්‍යාකරණ  ඉගෙනීමයි. එහිදී අපි කරන්න බලාපොරොත්තු වන්නේ භාවිතා කරන භාෂාවේ තිබෙන ව්‍යාකරණ ගැන හැදෑරීමයි. හරියට සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නවා වගේ. ඒත්, කොළඹ ඉඳන් මේ විෂයමාලා සකස් කරන අය නො දන්නා කාරණය වන්නේ කොළඹින් පිට ඉංග්‍රීසි භාවිතය අවම බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ මිනිස්සු ව්‍යාකරණ රටා අනුව වාක්‍ය ගොඩනගන්න දන්නේ නැහැ. ‍ඒග්ල්ලො ඉංග්ලිෂ් නවුන්ස් අගට එක කියාත්, වර්බ්ස් අගට කරනවා කියාත් යොදා ස්පීක් කරන්නේ ඒ නිසායි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේත් ගුරු අධ්‍යාපනය පදනම් වී තිබෙන්නේ මේ අනුකාරකවාදී අදහස් මත මිස අපට ඔබින නිර්මානාත්මක චින්තනයක් මත නොවෙයි. මේ අතර, ඉංග්‍රීසි උගැන්වීමට ම උපන් සක්විතිලා වැනි වෙළෙන්දන් නිසාත් ඉංග්‍රීසි අධ්‍යාපනය විකෘති වෙනවා. වචන පාඩම් කරලා, වාක්‍ය පාඩම් කරලා කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැ. අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් විය යුත්තේ ව්‍යාකරණ දැනුම මතයි. ඒ වගේම අප හොඳින් දන්නා සිංහලය හා ඉංග්‍රීසි අතර වෙනස්කම්, සමානකම් අධ්‍යයනය කිරීමත් ඉංග්‍රී අධ්‍යාපනයේදී මහෝපකාරී වෙනවා.

W3Lanka අඩවියෙන් උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් සලකන්න
http://www.w3lanka.com/2014/06/blog-post_9255.html

Wednesday, August 6, 2014

පියවර තුනකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න

පියවර තුනකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න
01. අලුත් වචන ඉගෙන ගන්න
ඒ සඳහා සෑම විටම කුඩා පොතක් තමා සතුව තබා ගන්න
අලුත් වචන තමා අවටින් සොයා ගන්න
නිවසේ ඇති ගිනිපෙට්ටියේ, කිරි පැකට්ටුවේ, ඕනෑම පැකට්ටුවක ඇති අලුත් වචන මෙන්ම කැලැන්ඩර, වෙළඳ දැන්වීම්, පොත් කවර, විදුලි උපකරණ වැනි නිතර ඇස ගැටෙන දේ වල ඇති වචන ඉගෙන ගන්න ඒවා ඔබට ඉතා ඉක්මනින් මතක තබා ගත හැක
02. සවන් දෙන්න
ඔබ සවන්දෙන ඉංග්‍රීසි ඔබට නොතේරුනද දිගටම සවන් දෙන්න (ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට, වාර්ථා වැඩ සටහන්, හා කාටූන් හෝ ඔනෑම ඉංග්‍රීසියකට) ඹබට ඇසෙන එක් වචනයක් හෝ තේරුම් ගැනීමට උත්සහ කරන්න එය ප්‍රමානවත්ය ඔබ නොදැනුවත්වම ඔබට ඇසෙන දේ තේරුම් යනු ඇත
03. භාවිතා කරන්න
ඔබ දන්නා අවම දේ වත් භාවිතා කරන්න
අවම වශයෙන් ඔබේ නිවසේ සිටින සුරතලා සමග වත් ඔබ දන්නා එකම ඉංග්‍රීසි වචනය වත් කතා කරන්න
ඔබේ දින පොතේ දිනකට එක වාක්‍යක් වත් (වචනයක් වත්) ලියන්න

මෙම ක්‍රියාවලිය මසක් අත්හදා බලන්න

නැති දේ ගැන නොසිතන්න දැන්  සිටින තැනින් පටන් ගන්න